වඩු කුරුල්ලා


බලාපන් අපිලිවෙල
මුලු ගහම වනසලා
වසුරු ලා සෑමතැන
පළාතම මහ ගඳයි
කිචි බිචිය අමිහිරියි
දබරයට අත වනයි
චන්ඩ මාරුතයකට
කැදලි යැයි වැනසිලා

ඔය ලෙසට උන්නාම
තොපටමයි හොඳ නැත්තේ
ළමයි ටික වල් වෙනව
ගෑණූ ටික පිට යනවා
උඹත් කොටුවක් පනියි
වෙන එවුන් ගෙට එනවා
අහු උනෝතින් කියයි
අනේ මට වැරදුනා
ඔක්කෝම එක වගෙනේ

ඔව් අපිට තේරෙනවා
උඹ ඊට හුරුවෙලා
නමුත් අපි කැමති නෑ
තොපි ඔහොම ඉන්නවට
ඔය ජරාවල් නෙමෙයි
ගහ ළඟම වෙන තැනක
අස්තීර මේ ළොවේ
ඉස්තීර කැදැල්ලක්
තනනවා අප නුඹට
උඹල අකමැති උනත්

ගහ වටේ එළි කරල
තව ටිකක් හැඩ කරල
එක කැදැල්ලක් හදලා
දෙනව වැඩි මුදලකට
රටින් එන කුරුලන්ට

අපිත් ගොඩ උඹත් ගොඩ
උඹල හෙන මොඩ් වෙනවා
කිචි බිචිය නිමාවෙයි
හලෝ හව් බව් කියයි

Comments

  1. මට නම් කියන්න තියන්නේ කුඩා පැලක ඇති සාමය සතුට කොයින්ද මහ මන්දිරවල? ඒ නිසා මහතුනේ රට ලස්සන කලාට කමක් නැහැ. ඔය මිනිස්සු ඔතනට ආව හැටි ගැන සිතා බලා සුදුසු විසදුමක් දෙන්න.
    අනුන්ගේ ලිපියක කමෙන්ට් එකක් මගේ ලිපියක් කර ගන්න යුතු නැහැ. ඔබ දන්නවද ඔය ඉන්නේ වීරයෝ, ඔය මිනිස්සු ඔතනට ගෙනාවේ පලවෙනි රාජසිංහ. ඒ පෘතුග්‍රීසීන්ට ගහන්න. උන්ගේ බලකොටු වට කරන්න. බෙරේ වටේට පදිංචි කලා. ඒක හිස් කරලා අවස්ථාවක් ආවම කොටුවට ගහන්න. කොටුවට ලැබෙන සැපයුම් නවත්තන්න. අන්න එහෙම මිනිස්සු ඔය ඔවුන්ට අනාගතයක් හදන්න ඔනේ. ඒක පරම්පරා ගනනාවක් මඟ හැරුනු දෙයක්. ඒත් ඔවුන්ට මිනිස්සුන්ට වගේ සලකන්න. කොහේ ගෙනිච්චත් කමක් නැහැ, ඔවුන්ගේ අතීතය ගැන හිතන්න. ඔවුනුත් අපි වගේම මිනිස්සු. උන්ගේ දරුවන්ට උගන්නන්න. මිනිස්සු කරන්න.

    ReplyDelete
  2. @ වෙද මහත්තයා

    මම හිතනව එහෙම වෙයි කියලා..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....