විභාග කොමසාරිස් වෙත...



ඇත්තම කියා ඇත "විභාග කොමසාරිස්"
කළ හරි නිසා යන්නට ඕනා පැන්සොන්
කෙරුවේ රෙද්දක්ද මෙච්චර කල් ඕකේ
"බාල අපරාධ" වල යෙදුනේ ප්‍රසිද්ධීයේ

මරණ මංචකේ පින් පොත පෙරළනා විට
කරපු පිනක් නැත තනිකර පවු මිසක
සා පෙළ උසස් පෙළ කඩඉම් සිස්සත්තේ
අරන් අපායෙම පලයන් උඹ මුත්තේ

එහෙත් තියෙනවා ඔහෙ මෙහෙ දුන් එව්වා
ඒ උනාට ඔව්වා සිම්පල් වේවා
කනෙන් කෙසේ මුත් කොන්ඩෙන් ඇදන් යයි
කොන්ඩෙ කපල පීරන් පළයන් ආතේ

Comments

  1. මෙතුමා මගේ මිත්‍රයා. මම මේක පෙන්නන්නද?

    ReplyDelete
  2. @ වෙද මහත්තයා
    විවේචන ඉවසන්න පුළුවන් කෙනෙක්නම් පෙන්වන්න. පෝස්ට් එකකුත් එනවා..

    ReplyDelete
  3. හතලිස් නවයක් අකුණු වැදේවා! පණහ වෙන්න තව එකක් වැදේවා
    කොමසාරිස් උත්තමයට තමා!

    ReplyDelete
  4. @ තනි අලියා
    පව් බන්..

    ReplyDelete
  5. පුංචි පරහක් තියෙනව. බාල අපරාධ කාරයෙක් කියන්නෙ වයසෙන් අඩු කෙනෙක් අපරාධයක් කරහම කියන නමක්. බාලයින් තමන්ගෙ නොදැනුවත්කම නිසා කරන අපරාධ නිසා සාමාන්‍ය දැනුම් තේරුම් තියෙන කෙනෙක් කරන ඒව තරමටම දඩුවම් ලබන්නෙ නැති නිසයි මෙහෙම වෙනම නමක් දාල තියෙන්නෙ. මෙතුමා විශ්‍රාම යන්නත් ඉන්නව නම් බාල අපරාධ කාරයෙක් වෙන්නෙ කොහොමද කියල එතුමාගෙන් අහන්න බැරි නිසා රටේ උදවියගෙන් අහන්න හිතුව. ඇත්තටම එතුමාගේ වයස කීය ද?

    ReplyDelete
  6. @ නිශාන්තකමලදාස
    කොන්ඩෙ නම් මොන්ටිසෝරී යන උන්ගේ වගේ..

    ReplyDelete
  7. .
    මානම් වැඩිය නොදනිමි ඔබ තුමා ගැන
    යම් සේවයක් කල කෙනෙකුයි සිතාගෙන
    සේවය අවසන් කර යන ඔබ තුමා ගැන
    කවියක් පැබැඳුවා සෙනෙහස පුදාගෙන

    ReplyDelete
  8. @ ගිම්හානී
    මිනි මරුවටත් නිවනින් සැනසෙන්න කියා
    කියන රටේ ඇත්තක්මයි කියනු මෙයා

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....