සිරසට දරුණු ප්‍රහාරයක්



හේමා නෝනා ඇවිදින් පින් බත් බෙදුවයි
පන්සල් ගානේ ගොස් පනහේ චෙක් බෙදුවයි
නිව්ස් වලින් වරුවක් අපි මඩ ගැසුවයි
ලයිව් දෙන්න මැට්ටෝ පිරිසක් යැව්වයි

ඉස්සෙල්ලාම කෑවේ පොඩි පොඩි පාර
ක්ලෙමෝ එක්ක කෑවා ඊළඟ පාර
මූලස්ථානෙටත් ආවා තඩි ගල් පාර
දරුණුම ප්‍රහාරේ රනිලගෙ ගල් පාර

රනිල් ගල් වලට කැමතියිනේ.... හෙහ් හෙහ්....

Comments

  1. මොන මොන විවේචන තිබුනත් රනිල් සුන්දර මිනිහෙක්. දැක්කද අන්තිමට හිනා වෙලා හැමදේම විද ගන්න හැටි. ඒ ඉවසීම තියන්නේ කාටද? මම රනිල්වාදියෙක් නෙමෙයි. කවදාවත් ඡන්දෙකදි යූ. ඇන්පියට දීලත් නැහැ. ඡන්දෙදාල තියෙන්නේත් දෙපාරයි ජීවිතේටම. ඒ වුනත් එක එක හාල් පාරුවන්ට ඕනෙ විදියට රටක් හදන්න බැහැ. මීඩියා ඉන්න ඕනෙ වැරදි පෙන්නල දෙන්න මිසක නායකයො මාරු කරන්න නෙමේ. ඒවා ජනතාව බලා ගනී. මීඩියා වලින් පෙන්නන දේත් ඒකට උදව් කර ගනී හැබැයි සිරසවත් රූපවතීවත්, බේරෙ ගෙදරවත් උපාලි වෙල්ගමවත්, රංජිත් මහත්තයාවත් සුමතිවත් නෙමේ මේවා තීරණය කරන්නෙ ජනතාව. මඟ පෙන්නුවම ඇති.

    ReplyDelete
  2. කතාකරල වැඩක් නෑ අයියෙ නියම ගල්පාර...

    හැබැයි මට තියෙන ප්‍රශ්නෙ සිරස මාධ්‍ය ආයතනයක් වෙච්ච පලියට මේ විදිහට වැඩකරන්න දෙන්න ඕනද කියල... උන්ට ඕන ඕන විදිහට මිනිස්සුන්ව අවුස්සන්න මාධ්‍ය ආයතනයකට ඉඩ දෙන්න පුළුවන්ද?...

    ReplyDelete
  3. අනේ මහා වෙදානෝ රනිල්ගේ සුන්දරත්වය ගැන කියලා වැඩක් නැහැ. අවුරුදු 17 තිස්සෙම ඒ සුන්දරත්වය අපි විඳිනවා.ඔය ගල් එන්නේ ඇයි කියලා එතුමා කල්පනා කලානම් බොහොම දේවල් මීට වඩා සුන්දර වෙන්න තිබුනා.ගම්බද ප්‍රදේශවල එක්සත් ජාතික පාක්ෂිකයන් සමග කතා කළහොත් ඔබට සුන්දර වචන බොහොමයක් අසන්න නම් ලැබේවි

    ReplyDelete
  4. @ වෙද මහත්තයා
    මහත්මයා කවුද කියලා මොලේ තියෙන මිනිස්සූන්ට පේනවා. කරූ එක්ක ඡන්ද කරපු මම දන්නවා කරූ ගැන හොඳට.

    ReplyDelete
  5. @ සාතන්
    සිරස ඕන දෙයක් කරපු දෙන් ඒක තමයි මාධ්‍ය නිදහස කියන්නේ. නමුත් ඒ වගේම රනිල්ට අයිතියක් තියෙන්වා තමන්ගේ පාක්ශිකයගෙන් ඉල්ලන්න. සිරස බලන්න එපා කියලා. ඒ වගේම සම හරක් මාධ්‍ය වේදියොන්ට අයිතියක් තියෙනවා ප්‍රකාෂ නිකුත් කරන්න රනිල් වැරදියි කියලා. ඒ වගේම ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා මහ රාජගෙන මුදල් ගන්නත්.

    ReplyDelete
  6. @ ඇනෝ
    සමාවෙන්න මිතුර. මමත් ගමකින් ආපූ සාමාන්‍ය පවුලක සාමාන්‍ය මනුස්සයෙක්. ගමේ ඒ කෑ ගහන උන්ට, දේශපාලනය ගැන, ඉතිහාසය ගැන, ළෝකය ගැන කිසිම අවබෝදයක් තියෙන පිරිසක්ද කියන එක ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කරගන්න.

    ReplyDelete
  7. මාතලන් මිතුරානෙනි ඔබ පවසන දේශපාලන අවබෝදය නැති මෝඩ මිනිසුන් නොමැතිව මැතිවරණ කරන්නේ කෙසේද? මැතිවරණ ජයගැනීම සඳහා ඒ මිනිසුන්ගේ දායකත්වය වැදගත් නොවේද? සැබවින්ම ජනතාවමෝඩ නැත.ජනතා සිතුම් පැතුම් නොහඳුනන ඉහල තලයේ එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ මෝඩ කමයි ගැටලුව.කෙසේ වෙතත් නැවත මා මේ සම්බන්දව වාද කිරීමට බලාපොරොත්තුවක් නැහැ. මා එක්සත් ජාතික පාක්ෂිකයෙක් නොවන බවත් කියන්න ඕන. සැබවින්ම මා කලකිරීමට පත්වූ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙකි.මා බලාපොරොත්තු වුවේ ප්‍රභල විපක්ෂයකි.ඒ බලාපොරොත්තුවද ගිලිහීගිය බව කියන්න ඕන.අවසන් වශයෙන් පාළු ගෙදර වලං බිඳීමේ සංදර්ශනය තවත් වසර ගණනක් බැලීමේ වාසනාව ඔබට මට හිමිව තිබේ.අපි එය සමරමු.

    ReplyDelete
  8. එජාපය කියන්නේ කොම්පැනිකාරන්ගේ පක්ශයක් නොවේ කියල රනිල් ගත්ත turn එක හොඳ තත්වයක්.
    ඇත්තටම ඓතිහාසිකයි කිව්වොත් වැරදි නෑ. ඒවැනි දෙයක් කොටස් වෙළඳ පල සම්බන්දයෙනුත් මේ ලඟදී ප්‍රකාශ කලා.
    මහින්ද උනත් පරදින්න උනොත් පරදින්න කැමතියි රනිල්ට, කරූට හෝ වෙනත් අයෙකුට එනම් දේශපාලන ඉතිහාසයක් නැති කෙනෙකුට කවුද කැමති වෙන්නේ පරදින්න.
    සමීකරණයෙන් මහරාජා සිරස සාධකය ඉවතට ගෙන යෑම රනිල් ගත්ත නිර්භය තීරනයක්.
    රනිල්ට තියෙන්නෙ දොර ඇරල තියන්න විතරයි ඔක්කොම වවුල්ලු ටික මේ පැත්තට එන්න ගත්තම, නාවල වෙන පාට ටයි එකක් දීල, උම්ම එකක් දීල ඉල්ලා අස්වීමේ ලිපියක් අරගෙන මේ පැත්තෙ වාඩි කරව ගන්නයි තියෙන්නෙ.

    ReplyDelete
  9. @ දයල් බතී - මම අක්මැතිම ඔය වැඩේට. හැබයි අවශ්‍යතාවයකුත් නෑ. මොකෝ රනිල්ගේ ප්‍රොජෙක්ට් ප්ලෑන් ඔක්කොම ලොක්කා නියමෙටම කරනවා. රනිල් ඕව කලානම් අතිගරු මහා සංඝරත්නය ස්ටේසම ගාව සකෘධාගාමි වෙයි. ලොක්කත් එක්ක ඒවා වානා. කරුත් නායකයෙක්ද. කොහොම හරි කීලීයි කීලීගෙන් යැපෙන ප්‍රේමදාස පවුලයි. නෑවා.

    ReplyDelete
  10. Vedagedara mahavedano Oba kiyanade ta maath sampoornayenma ekaga wenawa

    ReplyDelete
  11. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....