රිදෙයි සිත සේකරගේ....
දල්වන්ට දුම්වැටිය....
රැගෙන ඔහු දුම්වැටිය...
තව එකෙක්, මහතැන් කෙනෙක්....
නැවත දෙයි නැත සිනා...
නොමැත ස්තූතියක්....
රිදුනි සිත සේකරගේ....
සංවේදී කවි සිතක....
මහ කලාගාරයක......
කොලොම්තොට තරු රැයක....
අඳුරු නොපෙනෙන තැනක....
විඳින කළ ඒ සුවය....
දල්වන්න බීඩියක්.....
"එක්ස් කියුස් මී සෑර්...."
ඉල්ලුමක් කාරුණික..
"සර්... කොටේ මන් ගහන්නද...?"
එපා කොට.. අදින්නට..
අදින බර.. මදිද නුඹ..
පෙරහැරේ ඇතෙක් සේ..
ගහපන්කො ෆුල් එකක්..
නැතේ කිසි අමනාප..
"එපා...."
"මගේ එක මට දෙන්න..."
"මෙන්න ඔයාට...."
"සිගරට් එකක්....."
"ටැන්කිව් සෑර්....."
ළොකු බුවෙක්......
මහ එකෙක්.....
නොවේ ඌ....
පොඩි එකෙක්....
දුමට මා විරුද්ධමුත්.....
ReplyDeleteතමන්ගෙ දුම්වැටිය දැල්වීමේ සිට කුදුමහත් සියල්ල කිරීමට අනුන් සැදී පැහැදී සිටිය යුතුයයි හඟින, ඒ නිසාම කිසිවෙකුට වචනයකින් තුති පිදීමටවත් නොවෙහෙසෙන ලොකු මිනිසුනට වඩා, බර උසුලන්නාගේ හැදියාව ඉස්මතු කෙරෙන සොඳුරු රචනයක්.
ජය!
@ දොස්තර නෝනා
ReplyDeleteතෑන්ක්ස් දොස්තර නෝනා..
රාජ්‍ය ආදාටමෙන් සෑහෙන %........