අතිගරු කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමා වෙත



ගොන් බූරූවෝ වැටලූ ඒ මොරටු පුරේ
ප්‍රේම් නිවසේ මේරී සොයුරිය වෙනුවෙන්
නොසැලි උන් නිසා කෙසරුකු විලසින්
බල්ලෝ උනා ඇමතිහොරුත් ආන්ඩුවත්

වළඳා තුටු පඬුරු ගොන් මහ රාජාගේ
රනිල් මරන් කනවා තුන් තිස් පැයම
අත්සන් බෑ, විරුවා නිදහස් කරගන්න
තුහ් නොදොකින් අපගේ හාමුදුරුහොරු

Comments

  1. සහතික ඇත්ත. ඔබට කියන්න අපේ හොරු වාගේ ජාතියක්. එක්තරා විශ්වවිද්‍යාලීය වැඩකට මට බාරවුනා පූජනීය පක්ෂය දැණුවත් කිරීමට දැනට කාලයකට කලින්. මම ගියා මහා නායකයෙක් මුන ගැසීමට. අනුනායකයා මම හොදින් ද්න්නා කෙනෙක් එතුමා සමග ගියේ. මට දුන්න ටෝක් වැඩක් නැහැ කියලා. මට හිතුනා එතනම තිබ්බ ස්ටූල් එකෙන් ඔලුවට දෙකක් පත බාන්න තරම්. ඒ වැඩේ නොකෙරුනු නිසා බොහොම දුකෙන් අකමැත්තෙන් මම ගියා අර්නස්ට් පෝරුතොට පියතුමා මුණගැහෙන්න. එතුමා මේ කථාව අහලා ආන්ඩුවටයි ඇමතිලටයි හොදටම මා එක්ක බැනලා. එවලෙම කාටදෝ කථා කරලා ගෝමිස් අගරදගුරු තුමාට මාව හදුන්වලා දීලා එතුමාගේ ලිපියකුත් දුන්නා. අගරදගුරු තුමා ඒ වැඩේ කලේ එතුමා කළයුතුම වැඩක් වගේ ප්‍රමුඛත්වය දීල. මට නම් මේවා මතක තියනකම් ඔය හා - මදුරු සෙට් එකගාවට යන්නේ නැහැ.

    ReplyDelete
  2. බුද්ධාගමට මේ තත්වය හිමි වෙන්න, සම්පූර්ණයෙන් වග කියන්න ඕන. මහා සංඝයා. පෙර උන් වීර චරිත එක්ක බලන් කොට. දැන් ඉන්නේ දෙන දෙයක් වළඳා වෙන දේ බලාන ඉන්න හිඟන්නෝ සෙට් එකක්. උසි කිව්වම පැන පැන බුරනවා.. අනිච්චේ.. දුක්කේ සංසාරේ..

    ReplyDelete
  3. අපේ ගෙදර එක කාලෙක හිටිය බල්ලො දෙන්නෙක්. උන්ගෙන් එකෙක් නිතරම බුරනව. ගහකින් කොලයක් වැටුනත් ඇති ඌට බුරන්න. හැබැයි අනිත්එකා බුරන්නෙ වත්තට සතෙක් ආවොත් හරි වෙනත් හොද හේතුවකට. ඌ බුරන සද්දෙ ඇහුනොත් අනිව අපි එලියට බැහැල බලනවා මොකද හේතුව කියල. අනිත් එකා බිරුවට අපි බලන්නෙ නෑ. සමහර විට ඌ බුරන්නෙත් හොද හේතුවකට වෙන්න ඇති. ඒත් නිතර බුරන නිසා අපි ගනංගන්නෙ නෑ. ඔයටික මදැයි....

    ReplyDelete
  4. @ රාජ්
    ඒ උනාට සෝමරත්න දිසානායක කිව්වේ. බල්ලාට තියෙන්නේ ගේ මුරකරළ උගේ රාජකාරිය කරනවා මිසක්. ගෘහ මූලීකයා වෙන්න ඌට බෑ කියලා....

    ReplyDelete
  5. Thank you very much dear Cardinal.... you are great... you are a real leader ... we need such leaders for this country which is torn aprt by the extremists ....

    ReplyDelete
  6. @ Lawrance
    God Bless...!!!
    No.. No.... No... Not to you... :)
    To my Country...

    ReplyDelete
  7. වචනයක් හරි ලියන්න කියන නිසයි ලියන්නේ.මොන දේ උනත් මොන වැරදි කරත් ලංකාවේ බුදු දහම යම් පමණකින් හරි රැදිලා තියෙන්නේ අපේ හාමුදුරුවරු හින්දා.හාමුදුරුවරු කීප දෙනෙක් කරන වැරදි වලට(මුල් පුටුවල ඉන්න අයත් ඇතුළුව) හැම හාමුදුරු කෙනෙක්ටම බනින එක මම නම් දකින්නේ වැරදි දෙයක් විදියට.සෝම හාමදුරුවෝ වගේ හාමුදුරුවරු අදටත් නැතුවා නෙමෙයිනේ

    අනික චීවර පොරවගත්තු හොරුත් නැතිවා නෙමෙයි හැමෝටම මතක ඇතිනේ රුවන්වැල්ලේ සෝභිතව.එතකොට අර ලගකදි ඉදන් සිවුරු පාට මාරු කරලා කොල්ලෙක් එක්ක රවුම් ගහන කෙනාව එහෙම.අන්න ඒ වගේ රටට වැඩක් නොකර බඩ වඩාගන්න අයයි මේ විනාසේ කරේ.

    මම මෙතන තව දෙයක් දකිනවා මොනා වුනත් අගරදගුරු තුමා කරපු වැඩෙත් චුට්ටක් අශෝබනයි.වැරැද්දක් නොමැතිනම් බොරුවට කලබල නොවී රාජ්‍ය උත්සව වර්ජනය නොකර ඉවසන්න තිබුණා එහෙම කරානම් මේ අපකීර්තිය ලස්සනට නැතිකරගන්නත් තිබුණා ඇයි එහෙම නොකලේ කියන එකත් ප්‍රශ්නයක් තමයි.

    තව කියන්න දේ බොහෝයි ඒත් ඉතින් මෙතන ආරවුලක් ඇති කරන්න නෙමෙයි මම ආවේ.මම මේ බ්ලොග් එකට ආව මුල්ම දවස අද.උපේක්ෂාවෙන් බලත්වා....

    ReplyDelete
  8. කතෝලික සභාව රටේ ඇතිවෙන බොහෝ ගැටළු ඉදිරියේ ගොළුවත රකින අතර තමන්ට අතිශය සමීප ගැටළු ඇතිවෙන විට පමණක් ඒ වෙනුවෙන් පෙනී සිටිනු දක්නට ලැබේ.සුදු වෑන් සිදුවීම්, සරත් පොන්සේකා මහතා සම්බන්දව, මත්ද්‍රව්‍ය සම්බන්දව වැනි බොහෝ දේවල් සම්බන්දව කාදිනල් තුමා ඇතුළු කතෝලික සභාව නිහඩය.මට සිතෙන අන්දමට මාතලන්ට ඇත්තේ වෙනත් ගැටලුවකි.එනම් මහනායක හිමිවරු විසින් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස කල ඉල්ලීම සම්බන්දව තම සිත තුල ඇති දැඩි ද්වේශයයි.තම කවිපෙළ අවසන් කර ඇති අන්දමින් ඒ බව පැහැදිලි වේ.

    ReplyDelete
  9. @ ගැමියාගේ පතිරුව
    ඔබ නියම බෞද්ධයෙක් ලෙස අදහස් දැක්වීම ගැන බොහොම ස්තූතියි.. බුද්ධාගම රැකිලා තියෙන්නේ වන වාසී භික්ෂූන් නිසා. එතන පමණයි නියම බුද්ධාගම රැකිලා තියෙන්නේ. පන්සල් නම් රැකිලා තියෙන්නේ බාර් කාරයෝ, දේශපාලුවො, ගොන් සල්ලිකාරයෝ සහ අහිංසක නූගත් ගැමියෝ නිසා. ඒ බව ඔබත් පිලිගන්නවා ඇතයි සිතමි.

    ReplyDelete
  10. @ ඇනෝ
    මට එහෙම දැඩි ද්වේශයක් ඇති වෙන්න මහා නායක හිමිවරු එහෙම ඉල්ලීමක් කරන්න එපැයි. මට කියනවද කොතනද එහෙම ඉල්ලීමක් කලේ කියලා. මම වච්නයක් නෑර බැලුවා උන්වහන්සේලා දෙසපු දේවල්. මහානායක හිමිවරුත් මුලින් ජනරාළ වෙනුවෙන් ඉදිරිපත් උනා. නමුත් තර්ජන හමුවේ බය උනා. ඊට පසු තුටු පඬුරු වලට කට වහගත්තා. මම මෙතන මහ රාජා කිව්වේ. සිරස ගැන. සිරසේ නිව්ස් භාගයක් යන්නේ රනිල්ට ගහන්න. ඒකට ජීවිතේට දැකලා නැති චීවරධාරින් වගයක් යොදාගන්නවා. ඔබ තුමා දන්නවද දන්නේ නෑ. සිරසේ අධ්‍යක්ෂක තුමා මැරුණේ මේ ගැන කතා කරන්න ගිහින් හිතේ අමාරුවෙන් කියලා..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....