Wednesday, June 18, 2014

කාළ ගුණේ ලොක්කා වෙත..



ගහගෙන ගිය සරම හෑගොඩ කවියාගේ
සිහිවෙනවා මාතර දුක දැක්කාම
කළසම් ඇඳන් ඉන්නා උන් කාළගුණේ
හෙළුවෙන් වරෙන් ගංවතුරේ පීනන්න

ඉන්දිය කාළගුණෙ වෝනින් අපට දෙති
අපේ හරක් පච කෙල කෙල බත් බුදිති
සන්නාහක සවිකර ඇත බේරෙන්න
එවත් පුච්චගෙන වැදියන් මුන්ට හෙන

Sunday, May 5, 2013

දුමින්ද සිල්වා රෝහලේ...!



පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,
ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...
ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ...?
ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....


තාමත් නඩුව යනවානේ අළුත්කඩේ,
ඊළඟ නඩු දිනේ ඇත එන්නට කියලා....
හේමන්තයේ කුළසූරිය ගුරාගේ,
නවතම ගුරුකමයි මට නම් පෙනෙන්නේ...

නඩු පිට නඩු දැම්මත් උඹ හිරු නංගී..
දුස්..සා...ධ්‍ය රෝගයකුයි තියෙන්නේ.
එව්වත් ඔයා මට පිට පිට සිතාසී
නවළෝකේ ඉන්නවා මම සිනාසි....!!!


Tuesday, December 20, 2011

සිරසට දරුණු ප්‍රහාරයක්



හේමා නෝනා ඇවිදින් පින් බත් බෙදුවයි
පන්සල් ගානේ ගොස් පනහේ චෙක් බෙදුවයි
නිව්ස් වලින් වරුවක් අපි මඩ ගැසුවයි
ලයිව් දෙන්න මැට්ටෝ පිරිසක් යැව්වයි

ඉස්සෙල්ලාම කෑවේ පොඩි පොඩි පාර
ක්ලෙමෝ එක්ක කෑවා ඊළඟ පාර
මූලස්ථානෙටත් ආවා තඩි ගල් පාර
දරුණුම ප්‍රහාරේ රනිලගෙ ගල් පාර

රනිල් ගල් වලට කැමතියිනේ.... හෙහ් හෙහ්....

Monday, December 19, 2011

කරූ ජයසූරිය මැතිතුමා වෙත



අනේ දෙවියනේ මට උන වියෝ                 යා
තිබුන එකත් අද මට නැති උනෝ                යා
ලණු දුන් එකා යන්තම් ගොඩ ගියෝ           යා
මේ වන් දුකක් කාටත් සිඳු නොවේ              යා

ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු     වා
පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ       වා
කොළඹ ඉන්න යක්කුත් එක්ක බෑ එව්        වා
වැඩි වේගය කැඳවනවා නොවැ මරු            වා

Friday, December 16, 2011

අතිගරු කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමා වෙත



ගොන් බූරූවෝ වැටලූ ඒ මොරටු පුරේ
ප්‍රේම් නිවසේ මේරී සොයුරිය වෙනුවෙන්
නොසැලි උන් නිසා කෙසරුකු විලසින්
බල්ලෝ උනා ඇමතිහොරුත් ආන්ඩුවත්

වළඳා තුටු පඬුරු ගොන් මහ රාජාගේ
රනිල් මරන් කනවා තුන් තිස් පැයම
අත්සන් බෑ, විරුවා නිදහස් කරගන්න
තුහ් නොදොකින් අපගේ හාමුදුරුහොරු

Thursday, December 15, 2011

"හෙළයේ මහා නළු" ජැක්සන් ඇන්තනී වෙත..

නිර්මාණය - ඉන්දික දිසානායක

නෙළුම් පොකුන ආටිස්ලට දුන් දවසේ
ලොක්කා නොව පොර ඌයේ ජැක්සන්ය
ඇඳලා "ෆාහියන්" හිමි නම ලෙසට
දුන් රංගනය කියලානම් වැඩක් නැත

ලොකු පොරවල් නිදි කිරද්දී සීට් වල
ලංකාවේ ඉන්නෙ එක නළුවයි දැන ගනියව්
ජැකා මල්ලි "හෙළයේ මහා නළුවාය"
ලොක්කාගේ කීකරු බලු කුක්කාය 

Tuesday, December 6, 2011

සරත් අමුණුගම වෙත....



කෑ ගහ ගහ වැඩි පඩි ඉල්ලන්නේ නැතිව
ගෙදර වවන් එළවළු කාපිය කියලා
අති ගරු අමුණුගම රජයේ සේවකයා
අපි වවලා රට නගනට රෙඩි වාගේ

සීයට අසූවක් යන්නේ පඩි වලට
පඩි වැඩි කරන්නේ කොහොමද කියාපියෝ
සීයෙන් කීයක්ද ඒකෙන් ගොන් මැට්ටන්ට
පලා බබා හා ගොටු අල්ලන උන්ට

වැඩ නම් බෑ කොලිෆයි වී උන්නාට
දීපු හැම එකම නියමට නා ගත්ත
සීනීයර් ඇමතිකම යන්තම් එල්ලි ඉන්න
බේරගන්න බෙරිහන් දෙනවා වෙන්ට


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...