ජෝ අබේවික්‍රම වෙත....



විටෙක ඔබ කවටයෙකි..
විටෙක අළුගෝසුවෙකි..
මහද ඔබ වීරයෙකි..
නික්ම යා යුතුය සකි..

සිහල රිදී තිරයේ සක්විති රජෙකි
තරුවක් නොවේ ඔබ මට නම් පුන් සඳකි
රඟ පෑවා නොවේ ජීවත් වූ සෙයකි
හැම චරිතයම නෙත් පියවෙන විටදි දකී


ජීවත් වූවත් මළ උන් මෙන් සිටින නළු
බට්ටන් අතර දිළුනා නුඹ දැකුම් කළු
සිරිබෝ හාමී නිවනින් සැන සෙනවාලූ
නුඹ මිය ගියත් "ජෝ" නම බැබලෙනවාලූ

Comments

  1. ආවොත් යායුතුයි ඔබ අප සැම මෙලොවින්..
    ඇතැමුන් යන්නේ මෙලොවින් නිකමුන් විලසින්...
    නාමය ලොවෙ තියා නොමැකෙන අයුරින්...
    ජෝ ඔබ ගියේනම් සුන්දර මිනිසෙකු විලසින්....

    ReplyDelete
  2. @ ගිම්හානී
    කොමෙන්ටුවක් දමමින් සැම සිත සනසයි
    මට දුක ඔහේ බ්ලොග් නොලියන එකටයි

    ReplyDelete
  3. ජෝ කියන්නේ මගේ ප්‍රියතම නළුවා. සුන්දර මුහුනක් නොතිබ්බත් සුන්දර හැඟීම මගින් මිනිසුන් පුබුදු කලා. අල්ලපු ගෙදර මගේ ජීවිතයෙන් මැකී නොයන ඔහුගේ චිත්‍රපටියක්. මම දන්නා තරමින් චරිතාංග නළුවන් අතර ලංකාවේ නෙමේ ලෝකයේම වුවත් මුල් පෙලේ නළුවෙක් ඔබ. ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  4. මාතලන් අයියා ඔයාගේ "පින්තුර " එකේ මොකක්ද අව්ලක් කොමෙන්ටුවක් දාන්න බැ.. ටිකක් බලන්න..

    ReplyDelete
  5. දෙදෙනාම නළුවෝ වෙති.එක් අයෙක් යථාර්තය අමුවෙන් පෙන්නු අතර අනෙක් පුද්ගලයා ඇට සැකිල්ලට කසී සළු අන්දවා පෙන්නුවේය.

    ReplyDelete
  6. @ වෙද මහත්තයා
    සහතික ඇත්ත වෙද මහත්තයෝ. මගෙත් ප්‍රියතම නළුවා. තව දෙන්නෙක් ඉන්නවා. මහෙන්ද්‍ර සහ ජැක්සන්.. ජැකාගේ පෞද්ගලික ජීවීතයටනම් බින්දුවක්වත් කැමති නෑ.

    ReplyDelete
  7. @ ගිම්හානී
    තෑන්ක්ස් කෙල්ලේ. දැන්ම බලනවා...

    ReplyDelete
  8. @ ඇනෝ
    සහතික ඇත්ත. දෙදෙනාම ඔවුන්ගේ ෆීල්ඩ් වල අති දක්ෂයන්ය..

    ReplyDelete
  9. හැම චිත්‍රපටියෙම, එකම තාලයට කතා කරමින්, සීනිබෝල රූපකාය හෝ මවා ගත් පොරත්වය රැක ගැන්මට වෑයම් කරන නළුවන් අතරේ කැපී පෙනෙන නළුවෙක් ජෝ. රඟපාන චරිතය මොකක්ද, එහි ජීවත් වෙමින්, තමන්ගෙ අනන්‍යතාවය චරිතය වෙනුවෙන් කැප කරමින් රඟ පෑ නළුවෙක් ඔහු.

    ReplyDelete
  10. @ නලිනි චන්දිමා
    සහතික ඇත්ත දොස්තර නෝනේ..
    මේ ඉරිදා රාවයේ 18 පිටුව කියවන්න..

    ReplyDelete
  11. එක පුන්සඳකි මුළු ලෝකෙම එළියකෙරු...
    ජෝ නම් නමින් ඒ පරසිදු කලා කරු...
    යායුතු ගමන යනවා වැලකිය නොහැක මරු...
    අමතක කල නොහැක ඒ නම මා මියන තුරු.....

    ReplyDelete
  12. @ ගිම්හානී
    අප්පේ කෙල්ලගේ දුක..
    මේ ඉරිදා රාවය 18 පිටුව කියවනවා..
    ඔහෙටත් ගොඩක් පින්...

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....