තොටුපල හා රුවල් නැව..



සුළඟ යන අතට ගොස්
නොයෙක් තොටුපොල වෙතට
ළඟාවී, නැංගුරම් ලා
සිටියාය කාළයක්

නොයෙක් අය ගොඩවුවද..
දැනුනි යම් පාලුවක්, තනිකමක්..
පැමිනියෙමි මව් රටට
නැංගුරම් ලා බෝ කළක්
නොමැත යාත්‍රා කළේ.

කැඳවුමක් ලැබී ඇත
කළක් නවතා තැබු
තොටුපලක්.. වෙත පැමිණ .
නැංගුරම් ලන ලෙසට..
ගිලෙනා තෙක්ම නැව..
බොහො ඈත දුරු රටක....

Comments

  1. නොමැතිනම් මෙරට
    ඔබට නියමිත තැන..
    යනු මැනවි දුරු රටට..
    වෙන කරණු කිම?
    නොදන්වා නොයනු මැන..
    මසිත හඬාවි ඔබ ගැන..

    ReplyDelete
  2. @ ගිම්හානී
    තවම ඒ ගැන හිතලා නෑ..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....