සුදු රෙදි හොරා...


කාගේ රෙද්දක්ද බන්
උඹ හොරා අරගත්තේ
වෛවර්ණ වූ ළොවේ
කිම ධවල වර්ණයම

පින් බිමේ සොරුන් සැම
සැරසී ධවල වර්ණයෙන්
ඒකදැයි කාරණය
උඹ මෙහේ නොම එන්න

උඹ මෙහේ නොආවට
සුදෝ සුදු රෙදි හොරුන්
හැමතැනම වැහිවැහලා
බය නැතුව වරෙන් බන්

කවුරුත් නැ අල්ලන්නේ
ගලක්වත් නොගසන්නේ
ආරක්ෂකයෝ ඕනනම්
කියාපන් සපයන්නේ

මහා ගරු ඇමතිවරු
මහ ඉස්කොලේ පතිවරු
රජයේ නිළධාරින් ගරු
එපමණක් නොවෙයි බන්
කාකි ඇඳුමක් අඳින
පොලොස් හොරු
මහත්වරු

හොරා කන අත් දෙකට
සුදු පාට අන්දලා
හරිම ලස්සනයි බන්
පින් පාට බේරීලා

සටහන :-
ට්‍රැෆික් රාළහාමිලාගේ අත් සුදු පාටයි

Comments

  1. පාටින් මතු කිරීමට යත්න දරන පාරිශුද්ධත්වය! කාකි පාටට අලුතින් සුදු අත් ඇතුළත් කළේ ඔය තේරුමෙන්ම වෙන්න ඕන. :D අපූරු අදහසක් මාතලන්.

    ReplyDelete
  2. අනේ බන් උඹ වරෙන්
    නෑ නොවැ කරේ මාලයක් උඹේ රතුපාට,
    සුදු අඳින උන්යැ හොරු
    සුදු ඇඳන් කරේ රතු මාල දාන එවුන් නොවැ කම්බහොරු.

    ReplyDelete
  3. @ නලිනි චන්දිමා
    තැන්කූ නෝනේ...

    ReplyDelete
  4. @ සිතුවිලිමන්ඩිය
    ඔය කිව්වේ ඉතින්. කරේ මාලයක් නෙමෙයි ඒ. ඒඩ්ස් නිවාරන වැඩසටහනට දිනපතා සහයෝගය දෙනවා..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....