සරත් එන් සිල්වා වෙත..


චෞර රැජිනගේ කීකරු බලු කුක්කා              ය
දියවන්නාවේ ලව් කළ පෙම් කුමරා              ය
එල්මෝ පෙරේරා නොමරා මැරුවේ             ය
මහ රැජිනගේ වසරකටත් කෙලියේ               ය

උනා දමා නීතීයේ දෙවගනගේ රෙද්              ද
අධිකරණය බල්ලට දැමුවා නේ                    ද
බලයේ ඉන්න විට කරණා යම යුද්                ධ
අද තනියෙන් බන දෙසමින් විඳිනව               ද

හැත්ත පහ නෙමේ ඔක්කොම එකතු වෙ      ලා
නඩුවක් දමා දඟ ගේ ඇතුලට යව                 ලා
කල පවු විඳින්නට ඉඩ කඩ සලසා                ලා
සැනසෙන් මැති සඳේ නඩුවක් බලවා           ලා

Comments

  1. නියමයි! ඕක තමයි කියන්නේ කල කල දේ පල පල දේ කියලා. මේයා වැඩ්ඩ වෙන්න ගියේ නීතිය අතට අරගෙන් පිස්සු කෙලින කාටත් මේවා හොඳ පාඩම්. මතක තියා ගන්න ඕනම කෙනෙක් කල හැම දේම තමන්ගේ පස්සෙන් එනවා කියලා.
    මාතලන්ගේ කවි පංතියේ අන්තිම කවියේ අන්තිම පදයට මම නම් බොක්කෙන්ම ආසයි.

    ReplyDelete
  2. @ චෙද මහත්තයා
    බොහොම ස්තූතියි වෙද මහත්තයා.. මෙයාටත් රජ වෙන හීනේ එකසිය ගානට තියෙනවා. බුද්ධිමත් මනුස්සයෙක්. බලයෙන් අන්ධ උනා. අද කළ හොඳ පස්සෙන් එළවනවා...

    ReplyDelete
  3. කල පව් එන්නෙ රියසක විලසින් රෝදෙන් .
    …මේ සැම දෙස අනේ මානම් නොබලමි ක්‍රෝධෙන් ..
    …හොඳ පිට නොපිට පෙරලෙනවා නේදෝ වේගෙන් ..
    …අන්තිම පදය පතනෙමි ඔබ හා සමගින් .....

    ReplyDelete
  4. @ ගිම්හානී
    අනේ කෙල්ලේ තරහ නැතුව මාතලන් බ්ලොග් එකෙත් මේකම දාන්නකෝ

    ReplyDelete
  5. @ වෙද මහත්තයා
    පුලුවන්නම් කොමෙන්ට් එක මාතලන් බ්ලොග් එකෙත් දාන්න.. තරහ අවසර..

    ReplyDelete
  6. අනේ මන්ද මට නම් දිරවන්නෙම නැති පුද්ගලයෙක්.. ;)

    ReplyDelete
  7. me kathwa sampurna attha madya wadin mardanaya sadaha chndrika ge palana kalaya tula godak sawayak kala kanak VICTOR IVAN mahata pamanai a kala prbala hadak naguwa.....ela...ela.....

    ReplyDelete
  8. @ සාතන්
    ඇයි මට. මම මුන්ට වඩා සිල්වලට කැමතියි..

    ReplyDelete
  9. @ ඉන්දික දිසානායක
    ප්‍රභා ගේ පිළිමයක් හදලා මල් මාලා දාන්න ඕන් උදේ හවා සුමාන දෙකෙන් ඔක්කොම අමතක වෙනවයි කියපු කතාවට.

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....