ධන (+) රින (-) වෙත ...



එකසිය පනස් හයකින් වැඩිකොරලා
ලිට්‍රෝ ලාෆ් අපට හිනා වෙනවාය
මුල් පිටුවෙන් මල් කුමරා කියනව අහලා
කිව්වට, උදෑසන සුබ වෙන්නේ කෝමා

අල වෙනුවට මඤ්ඤොක්කා කාපල්             ලා
ලීස් දමා තෙම්පරාදු කොරපල්                     ලා
ගඳ පඩ යන සුදු ලූනූත් පලයල්                    ලා
ධන රින තුමා ඇමති කමට දාපල්                 ලා


වැඩි වූ දේ ගැන අමතක කරපල්                 ලා
ඒ වෙනුවට විකල්පයක් කාපල්                  ලා
ඔලුවෙන් හිටන් අධෝ මුඛෙන් ඔබපල්       ලා
දිරවන ගමන් ධනාත්මකව සිතපල්             ලා

Comments

  1. කිව්වට වැඩක් නැහැ. අහන්නේත් නැහැ. ජනතාවත් එකයි, දේශපාලුවොත් එකයි. ඒ නිසා කිව්ව නාහන ගුරා උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි. අපේ මොකද ? බැරිම වුනොත් අරුණිලා, ඇල්කෙමියලා, හෝ දකුණු කුරු දිවයින හෝ බලා ගමනේ යාආආආආආ..........

    ReplyDelete
  2. මාතලන්,
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා දැන ගන්න. මේක ඔබගේ පොස්ටුවකට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් ආන්ඩුව විපක්ෂෙද? එතකොට විපක්ෂෙ ආන්ඩුවද? මට මෙහෙම හිතුනේ පහුගිය දාක අර සිරිකොත ඉස්සරහා පාර කාපට් කලේ හරියට ආන්ඩුවට ලොකු තර්ජනයක් ආවා වගේනෙ.
    එතකොට ජනාධිපතිතුමා ඊයේ මීටිමකදි කියනවා ජනතාවට වතුර නැති තෙල් බෙදන්නලු.
    මේවා අපිට හරියට තේරෙන් නැත්තේ අපි මෝඩ නිසා නේද?

    ReplyDelete
  3. @ වෙද ගෙදර මහ වෙදනා

    ලොක්ක ගල් ආඳා.. එයත් එක්ක සෙල්ලන් වානා.. ඉස්සෙල්ල එයාව තේරුම් ගන්න.. වෙද මහත්තයෝ මගෙත් මොළේ මඤ්ඤං නේ.. සනීප උනාම කල්පොනා කරන්නම ඕන කාරනාවක් තමයි.. හැබෑව හැබෑව..

    ReplyDelete
  4. @ indi

    ඒකනේ කියන්නෙ.. ඕන් ඔහේවත්, මගේ සින්ඩියට දාගත්ත,, කින්ඩියට නෙමෙයි ඈ...

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....