සූත්තර පුංචා වෙත...


මොන්ගල් කපා ලිස්ට් දාගෙන උන්ට දීලා සපෝ
සූත්තරෙන් වැඩ දැම්මත් කැපිලා නේද අපෝ
රනිල් ලොක්ක නොකිය කියයි පළයන් ඩෝ පෝ
අනේ පුංචො අපිව දාලා යන්න නම් එපෝ

හොටු පෙරාන කඳුලු පෙරන් අත් ඔසවාලා
නොයනා බව කීවේ ලෙයින් අත්සන් දාලා
ශිරාල්ලනම් එහෙට මෙහට වැනෙන බබාලා
අනේ පනේ යන්න එපා අපිව දමාලා

Comments

  1. හික්ස්... කිව්වලු...

    ReplyDelete
  2. මාතලන්,
    බුදු සන්තෝ මේකට නම් මුකුත් කියන්න බැහැ. මේ ම්ගේ අසල්වැසියා. උදේ හවා මූණ පේනකොට බඩ දනවා. පව් අප්පා බබගේ ලනු කෑව . කඹ මොනවද කරන්න වෙයි වගේ.

    ReplyDelete
  3. @ සාතන්
    පොඩි උනාට වැඩ කරු

    ReplyDelete
  4. @ වෙද මහත්තයා
    එහෙනම් පනිවිඩේ දෙන්න ලේසියිනේ...
    සජී
    සමග ගියොත්
    කුජී

    ReplyDelete
  5. පනිවිඩේ දෙන්න දෙයක් නැහැ. ගිය ඉරිද මට මෑන්ගේ අම්මා හමුවුනා. මේ ටික මම කිව්වා. එයාලත් ඒක අනුමත කරනවා. නංගිගේ මහත්තයාත් හොඳ වැඩකරු මෑන් රනිල් ගාවට ගිහින් සමාව ගන්න බල කරනවා. වැඩේ වෙයි නියමෙට.

    ReplyDelete
  6. අනේ පනේ අතිර ලෝකෙ තිර දේවල් කෝ?
    කියපු වචනෙ තියපු එකෙක් මේ ලක්දිව කෝ?

    ReplyDelete
  7. @ වෙද මහත්තයා
    ලොකු දෙයක්.. අපරාදේ ටැලන්ට් බුවා...

    ReplyDelete
  8. @ ගිම්හානී
    ලේ ද...? තීන්ත ද...? වැඩියෙන් බර... මොකෝ සයින් කොලේ ලේ වලින්

    ReplyDelete
  9. පුංච වැඩකරු
    රනිල් මොළකරු

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....