ගුඩ් බායි ගඩාෆී


අහෝ ගඩාෆී
ඉල්ලන්ම කාපී

ගඩාෆී නොදැන වුන් ළෝක සත්‍යයන්

කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වන වග
කළ කළ දේ  පල පල  දෙන වග 
 ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වග
කල හොඳ පස්සන් එලවන වග
රජ කම් කළත් කළ කම් පල දෙන වග
මාන්නය විනාශයේ දොරටුව වග
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වග
ජනතාව බුද්ධිමත් නොවන වග
වීරයා මොහොතින් ද්‍රෝහියා වන වග
දේශප්‍රේමියා මොහොතින් දේශද්‍රෝහියා වන වග
අවි ගත්තෝ අවියෙන්ම නසින වග
බලය තාවකාලික වග
බොරුව සැමදා රජ නොකරන වග
තමන් කවදා හෝ මිය යන වග

- නිමී -

.o0O0o.


Comments

  1. මම හිතන්නේ ඔබගේ ඔය වාක්‍යය ටික කොපි කරලා, ලොකුවට ලියලා, ලියකම්, පලවැල් ආල වට්ටම් දාලා රාමු කරලා, හැම රාජ්‍යය පාලකයම උදෙට නැගිටින කොට පේන්න ගහලා තියා ගන්න ඕනෙ.

    ReplyDelete
  2. මම නම් බලන් ඉන්නෙ ඇමරිකන්කාරයටයි ලෝක බලවතුන් කියල දෙකපහේ වැඩ කරන ලොක්කන්ටයි ඔහොම දවසක් එනකන්...

    ReplyDelete
  3. රෙජෙක් වගේ සිටියත් දිවි තලාවේ ..
    ඔබේ කියා මොනවද ඔබ ගෙනාවේ ...
    බලේ නිසා සමහරු අමු මුලාවේ ...
    දිනේ පැමිණි විට මරුවා සිනාවේ ....

    ReplyDelete
  4. බලයෙන් අන්ධ වුනු සියල්ලෝම කිසිදා වටහා නොගන්නා සත්‍ය මෙයයි

    ReplyDelete
  5. @ වෙද මහත්තයා
    හොඳ බිස්නස් අයිඩියා එකක්...

    ReplyDelete
  6. @ සාතන්
    කාටත් එනවා.. කාළයේ ප්‍රශ්නයක් තියෙන්නේ..

    ReplyDelete
  7. @ ගිම්හානී
    කෙසේ වෙතත්. මහ ළොකු බටහිර මාධ්‍යත් සාර ධර්ම බල්ලට දැම්මා...

    ReplyDelete
  8. @ ඇනෝ
    හොඳ වෙලාවට අපට බලය නැත්තේ..

    ReplyDelete
  9. වෙද මහත්තය කියපු එකමයි ඕං මාත් කියන්නේ

    ReplyDelete
  10. @ බුවා
    බිස්නස් එක නැගලම යයි වගේ..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....