බුක් ෆෙයාර් වෙත..


නෙත නොයයි බුක්ස් වලට..
 යන්නේම පුක්ස් වලට..
ඒ නිසා නොයමි මම..
පොත් ප්‍රදර්..ශනවලට.. 

Comments

  1. මාත් ඕකමයි නොගියෙ... නිකං බොරුවට ඇහේ පොට යවාගන්න ඕන නෑනෙ.. ;)

    ReplyDelete
  2. @ සාතන්
    ඇහේ පොට නම් මදෑ. හාමිනේ නම් දන්නවා චරිතේ ගැන. දැන් ගියාම පොඩි එකාට නෝන්ඩි වෙනවා.

    ReplyDelete
  3. ඔන්න ඔන්න කැත සිත.. නොගනිව් එළියට..
    නැණ දෙන පොතකට සම නොවෙ කිසිවිට..

    ReplyDelete
  4. ඕක දැවෙන ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නෙන් තරුණයෝ කී දෙනෙක් නම් විඳවනවද? ඔය වගේ තැනකට ගියාම හිත හදාගන්නම බෑ නෙ.

    ReplyDelete
  5. Library තිබුනත් එමට
    වැස්සකටවත් ගොඩ නොවදින
    සාක්කුව හිස්‌ කරගෙන
    book-fare යන හේතුව මෙයද?????????????????

    ReplyDelete
  6. මට මතක හැටියට ඔය පොත් ප්‍රදර්ශනේ පටන් ගත්තේ නව නගර ශාලාවේ. දැනට අවුරුදු 13, 14 කලින්. මම ඒකෙ ඉදලා 7 වැනි එක වෙනකම්ම ගියා. ඒ දවස්වල යන්නේ එක දිනයක් නිවාඩු දාල යන්නේ. ගියහම අපි දෙන්න මායි හාමිනේයි ඔතන කාලා බීලා පොත් කියවලා එන්නේ. ඒ කාලේ ආවේ අවංකවම පොත් කියවන මිනිස්සු. දැන් අනේ මන්ද මම අවුරුදු ගානකින් ගියේ නැහැ. යන්න හිතෙන් නැහැ. මාතලන් හරි. ඇහේ නෙමෙයි තව තව ඒවායේත් පොට යනවා ඕවා බලල ආවහම.

    ReplyDelete
  7. සීගිරියේ කුරුටු ගීයක් වගේනේ.හාමිනේත් ඉන්න එකේ මොකට පුක්ස් වලට හිත යනවද?

    ReplyDelete
  8. @ ගිම්හානී
    කැත සිත නොවේමය..
    මිනිස් සිතමය..
    දකින විට නිතඹ ලය..
    නොදැන ඇස යනවාය..

    ReplyDelete
  9. @ කසුන්
    මක්කටෙයි විඳවන්නේ
    බදාගෙන විඳගන්නේ

    ReplyDelete
  10. @ ඇනෝ 1
    පොකට් එක එම්ටි වෙති
    ගන්නා පොතක් නැති
    නෙත් යොමා රස විඳිති
    රෑට උන් වඩම්මති
    යට ලීයෙන් වඩිති
    වෙන වැඩේ ඔබද දති

    ReplyDelete
  11. @ වෙද මහත්තයා

    "තව ඒවයෙත් පොට යනවා"
    තවමත් සිනාව නවත්වා ගත නොහැක..

    ReplyDelete
  12. @ ඇනෝ 2
    අගය කිරීමට ස්තූතියි..
    ඉඳල හිටල පිටින් කනවා..
    හාමිනේටත් නෝන්ඩි වෙලා තියෙන්නේ..
    තාම ගෙදරින් එලෙව්වේ නෑ..

    ReplyDelete
  13. පොත හිස් වෙලා
    නෙත මත් වෙලා


    දන්නව ද? මොළයෙ බර සැහැල්ලු වෙලා, මොළය හිස් වෙන්නේ , ඒ කියන්නේ සම්පූර්ණයෙන් මොඩයෙක් වෙන්නේ , ආදර හැඟුම් හිතට ආවමලු....

    ReplyDelete
  14. @ සොඳුරු සිත

    ඇඟ කිලිපොලා
    අපි වල් වෙලා

    ඒක තමයි සමහරු මට මොළේ කළඳක් නෑ කියන්නේ..

    ReplyDelete
  15. හික් . . . . කියන්න තියෙන ටික වෙද මහත්තයා අන්තිමටම වගේ කියල තියෙන්නෙ

    ReplyDelete
  16. @ ඕනයා
    පොස්ට් එකට වඩා වටින්නේ ඒ කොමෙන්ට් එක..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....