සරත් අමුණුගම වෙත....



කෑ ගහ ගහ වැඩි පඩි ඉල්ලන්නේ නැතිව
ගෙදර වවන් එළවළු කාපිය කියලා
අති ගරු අමුණුගම රජයේ සේවකයා
අපි වවලා රට නගනට රෙඩි වාගේ

සීයට අසූවක් යන්නේ පඩි වලට
පඩි වැඩි කරන්නේ කොහොමද කියාපියෝ
සීයෙන් කීයක්ද ඒකෙන් ගොන් මැට්ටන්ට
පලා බබා හා ගොටු අල්ලන උන්ට

වැඩ නම් බෑ කොලිෆයි වී උන්නාට
දීපු හැම එකම නියමට නා ගත්ත
සීනීයර් ඇමතිකම යන්තම් එල්ලි ඉන්න
බේරගන්න බෙරිහන් දෙනවා වෙන්ට


Comments

  1. මම දන්නා අමුණුගම ආචාර්‍ය්‍යතුමා නම් උගතෙකි. ඔහු ගැලපෙන්නේ විශ්වවිද්‍යාලයටයි. ඔහුගේ සම්භාව්‍යය දර්ශනය ගැන දේශනයක් ඇසූවකු කෙදිනකවත් ඔහුට අවමන් නොකරයි. එතරම් සාරගර්භ දේශකයෙකි.
    නමුත් අවාසනාවට අමුණුගම නම් දේශපාලකයා මට නම් මහා බොරුකාරයෙකියි සිතේ. මේ කෙහෙල්මල් දේශපාලනයක් මිනිසෙක්ට කරනා විනාශයට කදිමම නිදසුනකි.
    මේවාට තමයි කියන්නේ නොදන්න දෙමලෙට ගිහින් වරිගේ නහගන්නවා කියලා.

    ReplyDelete
  2. @ වෙද මහත්තයා
    මේ මනුස්සයා ඉස්සට ලක්බිම පත්තරේටද කොහෙද ළිපි වගයක් ලියුවා. මම ඉතාමත් රස විඳපු ළිපි පෙලක්. පුදුම බුද්ධිමතෙක්. මම හිතන්නේ තිස්ස අබේසේකර ගියපු මාවතේ ගියානම් මීට වඩා සේවයක් වෙනවා. අද නම් දෙකේ කොලේටත් වඩා නෝන්ඩී..

    ReplyDelete
  3. හරි බුද්ධිමතා එත් ඉතින් ආසනයට වැඩ කරන්නේ නැහැ. බෙන්තොට පැත්තේ නම් මොකක්දෝ විවුර්ත කරනවා දැක්කා

    ReplyDelete
  4. @ ඇනෝ
    ඒකනේ මනාප සෑහෙන අඩු වෙලා තිබුනේ...

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....